එලැඹෙන පොසොන් පෙහොය නිමිතිකරගෙන කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය 09ක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කෙරේ. ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි කොළඹ කොටුවේ සිට අනුරාධපුර පුදබිම වෙත ගමන් ගන්නා බැතිමතුන් වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇත.
ඒ අනුව (12) අළුයම 12.40 කොළඹ කොටුවෙන් අනුරාධපුර දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය එදිනම (12) පස්වරුවේ අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරනු ඇත.
(12) පස්වරු 09.00 කොළඹ කොටුවෙන් අනුරාධපුරය වෙත ගමන් ආරම්භ කරනු ලබන විශේෂ දුම්රිය (13) කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කෙරෙනු ඇත.
එමෙන්ම (13) කොළඹ කොටුවෙන් පෙරවරු 03.30ට අනුරාධපුර දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය (14) රාත්‍රී නැවත කොළඹ කොටුව දක්වා ගමන් කරනු ඇත.
(13) පෙරවරු 04.00 කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය (14) ආපසු කොළඹ දක්වා පැමිණෙනු ඇත.
(13) පෙවරු 8.50 කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය සවස කොළඹ කොටුව දක්වා ධාවනය වනු ඇත.
(13) පස්වරු 04.42ට කොළඹ කොටුවෙන් අනුරාධපුර දක්වා ගමන් ආරම්භ කරන දුම්රිය (15) දින කොළඹ කොටුව දක්වා පැමිණෙනු ඇත.(13) පස්වරු 06.00ට අනුරාධපුර දක්වා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රිය (15) අලුයම කොළඹ කොටුව දක්වා පැමිණෙනු ඇත.
(13) අළුයම 12.40ට කොළඹ කොටුවෙන් අනුරාධපුර දක්වා ගමන් ආරම්භ කරන විශේෂ දුම්රිය එදිනම රාත්‍රී අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කෙරෙනු ඇත.
(13) පස්වරු 9.00 අනුරාධපුර දක්වා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කෙරෙන දුම්රිය(15) උදෑසන ආපසු කොළඹ කොටුව දක්වා පැමිණෙනු ඇත.