29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්එකොළොස්වන වරටත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ කණ්ඩායම රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ විධායක...

එකොළොස්වන වරටත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ කණ්ඩායම රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ විධායක හා මධ්‍යම කාරක සභාවට නිතරඟයෙන් පත්වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 95 වන වාර්ශික මහ සභා රැස්වීම (11) කොළඹ 07 විද්වත් වෘත්තීකයන්ගේ සංගම් ශාලාවේදි පැවැත් වුණි.

එහිදී අඛණ්ඩව 11 වන වරටත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ දර්ශනය පෙරදැරි කරගත් කණ්ඩායම නිතරඟයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාවට හා මධ්‍යම කාරක සභාවට තේරී පත් වූ අතර, මෙය එම කණ්ඩායම නිතරඟයෙන් අඛණ්ඩව තේරී පත් වූ 7 වන වසරයි.

එහිදි, සංගමයේ වර්ථමාන උප සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා නව සභාපති ලෙස ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා හා ලේකම් ලෙස 2018 සිට 2020 දක්වා ලේකම් ධූරය හෙබවු වෛද්‍ය හරිත අලුත්ගේ මහතාව යෝජනා කල අතර 2020 වසරේ සිට 2022 වසර දක්වා ලේකම් ධූරය හෙබවු වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා එම යෝජනා ස්ථිර කරන ලදී.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2022/2023 වසර සඳහා නිතරඟයෙන් තේරී පත් වු විධායක සභාව මෙසේය.

සභාපති – විශේෂඥ වෛද්‍ය දර්ෂන සිරිසේන මහතා

හිටපු සභාපති – විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

උපසභාපතිවරුන් – විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා
විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා

ලේකම් – වෛද්‍ය හරිත අලුත්ගේ මහතා

සහකාර ලේකම්වරුන් – වෛද්‍ය කන්චන බුලන්කුලම මහතා
වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා
වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා
වෛද්‍ය අජන්තා රාජකරුණා මහතා

භාණ්ඩාගාරික – වෛද්‍ය කමල් කොඩිකාර මහතා

සංස්කාරක – වෛද්‍ය චන්දන ධර්මරත්න මහතා

සහකාර සංස්කාරක – වෛද්‍ය චමිල් විජේසිංහ මහතා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2022/2023 වසර සඳහා තේරිපත්වු මධ්‍යම කාරක සභාව මෙසේය

වෛද්‍ය චාරුනී කොහොඹනගේ මහත්මිය,වෛද්‍ය නිරෝෂන් ලියනගේ මහතා ,වෛද්‍ය උදාන පානදුරගේ මහතා, වෛද්‍ය ගාන්දීපන් කන්ගරාජන් මහතා, වෛද්‍ය ප්‍රසාත් හේරත් මහතා, වෛද්‍ය ඉන්දික හේරත් මහතා,
වෛද්‍ය ශේෂාන් විදානපතිරණ මහතා, වෛද්‍ය ජගත් රෝෂාන් මහතා, වෛද්‍ය චන්දික සනත් මහතා, වෛද්‍ය ලක්ෂ්මන් සේනාධීර මහතා, වෛද්‍ය ක්‍රිෂාන්ත නිරෝෂන් මහතා, වෛද්‍ය රගීෂ් මධුශන්ක මහතා,වෛද්‍ය දර්ශන විජේතුංග මහතා,වෛද්‍ය රුවන් ජයසූරිය මහතා,වෛද්‍ය එම් අනාස් මහතා,වෛද්‍ය එස්. ජී එන් සංජීව මහතා
වෛද්‍ය තනිගවාසන් රත්නසිංගම් මහතා,වෛද්‍ය චාමර වීරසූරිය මහතා,වෛද්‍ය වසන්ත කුමාර මහතා,වෛද්‍ය තෙනුවන් වික්‍රමසිංහ මහතා, වෛද්‍ය නාත් විජේසුරිය මහතා, වෛද්‍ය සුහෙල් අස්හර්මහතා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments