26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නව යුධ හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා අතර හමුවක්.

නව යුධ හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා අතර හමුවක්.

විසිහතර වැනි යුද හමුදාපතිවරයා ලෙස පසුගියදා වැඩ භාරගත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද (10) දින ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය වෙත ගොස් පොලිස්පති C.D වික්‍රමරත්න මහතා හමුවූයේය. යුද්ධ හමුදාධිපතිධූරයේ රජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව සිදුකරන සම්ප්‍රදායානුකූල කටයුත්තක් ලෙසින් මෙම හමුව පැවැත්විණ.

පොලිස් මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති, සමන්ත ද සිල්වා විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණි ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ පිළිගෙන, පොලිස් සම්ප්‍රදායන්ට අනුකූලව ඔහුට ගෞරව සම්මාන මුරයක් පිරිනමමින් ආචාරය පිරිනමන ලදී .

ඉන් අනතුරුව, පොලිස්පති කාර්යාලයේදී, පොලිස්පතිවරයා සහ යුද්ධ හමුදාධිපතිවරයා අතර සුහද සාකච්ඡාවක් පැවැති අතර එහිදී සංවිධාන දෙක අතර පවතින අන්‍යොන්‍යය සබඳතා සහ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සමීප සබඳතා පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments