25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPතොටළඟ ගින්නෙන් නිවාස 80කට හානි - 200කට අධික පිරිසක් අවතැන්, ආහාර...

තොටළඟ ගින්නෙන් නිවාස 80කට හානි – 200කට අධික පිරිසක් අවතැන්, ආහාර ලබාදෙන්න අවශ්‍යයි.

තොටළඟ, කජීමාවත්ත නිවාස සංකීර්ණයේ හටගත් ගින්නෙන් නිවාස 80කට හානි සිදුව තිබේ.

ගින්නෙන් පුද්ගලයින් 220 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන්  කළේය.

එම පිරිස මේ වන විට කැලණිනදී විහාරස්ථානයේ සහ මුවදොර උයන ප්‍රජා ශාලාවේ තාවකාලිකව නවතා තිබේ.

(27) රාත්‍රී 08ට පමණ හටගත් ගින්න මැඩපැවැත්විම සඳහා ගිනිනිවන රථ 12ක් යොදවා තිබූ අතර ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න සම්පූර්ණයෙන් මැඩපැවැත්වා තිබුණි.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.

මේ අතර ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වහාම අවශ්‍ය සහන සැපයීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

ජපානයේ සංචාරයක නිරත ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එම උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අංශ, ගිනිනිවන හමුදාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන  සමග සම්බන්ධීකරණයෙන් නිවාස සංකීර්ණයේ සිටින පුද්ගලයින්ගේ අවශ්‍යතා සොයා බලා ඒ වෙනුවෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.

විශේෂයෙන් මෙම තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවට පත් මව්වරුන්ට, කාන්තාවන්ට සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බලන ලෙස ද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments