22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගමෙහි සංහිදියාව ඇති කර, අපරාධ ක්‍රියා හා මත් ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම...

ගමෙහි සංහිදියාව ඇති කර, අපරාධ ක්‍රියා හා මත් ද්‍රව්‍ය භාවිතය තුරන් කිරීම සදහා පොලිස් ස්ථාන මුලික කර ගනිමින් ගම් කිහිපයක් සම්බන්ධ කොට නව ආයතනයක් පිහිටුවීමට පියවර – අධිකරණ ඇමති පවසයි.


අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත් ද්‍රව්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය ශ්‍රී ලංකා කාර්යාලය හා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව එක්ව පොලිස් ස්ථාන වෙත පැමිණෙන විත්තිකරුවන්, අපරාධකරුවන් හා පැමිණිලිකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිළිබදව උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සදහා පෙරවරුවේ (24) කොළඹ ගලධාරී හෝටලයේ දී සංවිධානය කරන ලද අධ්‍යයන වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි .

යුක්තිදාමයට ප්‍රවේශත්වය ප්‍රවර්ධනය කිරීම සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමය පෝෂණය කිරීම යන තේමාව යටතේ වැඩමුළුව සංවිධානය කර තිබුණි.
එහිදී තවදුරටත් අදහස් පළ කරමින් අධිකරණ අමාත්‍යතුමා මෙසේද සදහන් කළේය.
පොලීසියේ මුලික අරමුණ විය යුත්තේ සාමය ආරක්ෂා කරමින් අපරාධ වළක්වා ගැනීමට ක්‍රියා කිරීම බවත්, අපරාධකරුවා කවුරුන්ද යන්න පිළිබදව සොයා බලා අත් අඩංගුවට ගැනීමේ අයිතිය පොලීසිය සතු වුව ද අපරාධකරුවකු යන්න නිගමනය කිරීමේ හැකියාවක් පොලීසියට නොමැති බවත්, අමාත්‍යතුමා සදහන් කළේය.

අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසුරිය, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ රොහාන් සහබන්දු, ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා ,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ යන මහත්වරුන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම සදහා මෙහිදී විශේෂ දේශන පැවැත් වු අතර, එක්සත් ජාතීන්ගේ අපරාධ හා මත් ද්‍රව්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපීය ශ්‍රී ලංකා කාර්යාලයේ මෙරට සම්බන්ධිකාරක අනුෂා මුණසිංහ මහත්මිය ද අදහස් පළ කළාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments