මැතිවරණ කොමිසම මැතිවරණයක් පැවැත්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබුණට රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටුවේ කණ්ඩායම මැතිවරණ කල්දැමීමට විවිධ උත්සහයන් ගනිමින් ඉන්නවා. පසුගියදා මැතිවරණ කොමිසමේ නිලධාරීන් ජනාධිපතිවරයා විසින් ඔහුගේ කාර්යාලයට කැඳවා තිබුණා. ජනාධිපති කියන්නේ එජාප නායකයා. ස්වාධීන මැතිවරණ කොමිසම නාමයෝජනා ගැනීමට දින නියම කර තිබියදී එක් පක්ෂ නායකයෙක් විසින් කොමිසම කැඳවා කරමින් තිබෙන්නේ අනියම් බලපෑමක්. ඔහු එජාප නායකයා පමණක් නෙවෙයි පාර්ලිමේන්තුව විසින් තෝරාගත් ජනාධිපතිවරයා. අනෙක් පක්ෂ සිල්ලම කොමිසම හමුවීමට කොමිසමේ කාර්යාලයට යන විට රනිල් පමණක් කොමිසම තමන්ගේ කාර්යාලයට කැඳවා තිබෙනවා. මෙයින් පෙන්නුම් කරන්නේ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ නොදීමත් මැතිවරණයක් නොපැවැත්වීමට කරන බලපෑමත් බව සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ උත්සහ කරමින් ඉන්නේ අපේ රටේ ජනතා කැමැත්තට ඉඩ නොදී බලහත්කාරයෙන් පාලන බලය අල්ලාගෙන ඉන්න නම් එය විශාල ගැටුමක් ඇතිවීමට හේතුවක් වෙයි. එනිසා ආණ්ඩුව මැතිවරණය වැළැක්වීමට සිදුකරන සියලු දේ පරාජය කරන්න ජාතික ජන බලවේගය කටයුතු කරනවා. ඒ නිසා අපි ජනතාවට කියනවා නියමිත පරිදි මෙම මැතිවරණය පවත්වනවා. ඒ සඳහා මැතිහත්වීම අපි ලබාදෙනවා.
මේ මැතිවරණය ඉතාම තීරණාත්මක මැතිවරණයක්. ගමේ මැතිවරණයක් කියලා මෙය සලකන්නේ. නමුත් මේ පළාත්පාලන මැතිවරණය පැමිණ තිබෙන්නේ රටේ ඉතාමත් තීරණාත්මක මොහොතකයි. අපේ රටේ ජනතාවගේ විශලා නැගිටීමක් සිදුවුනා. හිටපු පාලකයින් පන්නා දැම්මා. නමුත් හිටපු ජනාධිපති වෙනුවට නොහිතපු කෙනෙක් ජනාධිපති වෙලා. කැබිනට් එක වෙනුවට විකෘති කැබිනට් එකක් පත්වෙලා. අගමැති වෙනුවට කිසිදු තේරුමක් නැති කෙනෙක් අගමැති වෙලා. ඒ නිසා ජනතා මතය දැන් නිරූපනය වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවගේ ඇත්ත කැමැත්ත පිළිබිඹු කරන ඡන්දයක් බවට මේ ඡන්දය පත්වෙනවා. ජාතික ජන බලවේගය උතුරු නැගෙනහිර ඇතුළු පළාත්පාලන ආයතන 340 වෙනුවෙන් තරඟවදින බවට මේ වෙනකොටත් මැතිවරණ කොමිසමට දැනුම් දීලා තිබෙනවා. ජනාතාවගේ අපේක්ෂාවන් ඉටු කළ හැකි ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි ගම සමඟ විශාල දේශපාලන වැඩකොටසක් සිදුකළා එය සාර්ථක වෙලා තිබෙනවා.
අපේ රට දීර්ඝ කාලයක් ගෙන ගිය දේශපාලන ආර්ථික වැඩපිළිවෙළ වෙනස් විය යුතු බවට ජනතාවගේ අපේක්ෂාවක් තිබෙනවා. ඒ වෙනස්වීම ජාතික ජන බලවේගය නියෝජනය කරනවා. මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා මේ රට ගොඩනැගීම වෙනුවෙන් අපේක්ෂාවක් තිබෙනවානම් ඒ සඳහා ජාතික ජන බලවේගය තෝරාගන්න කියලා. මේ මැතිවරණ සටන ජාතික සටනක් බවට පත් කරන්න අපි සූදානම්. මේ පළාත්පාලන මැතිවරණය එතනින් නතර වෙන්නේ නැහැ. මේ මැතිවරණයෙන් පසුව ජනාධිපතිගේ තරමත් ආණ්ඩුවේ තරමත් ඔවුන්ට මැනගත හැකියි. ආණ්ඩුවටවත් ජනාධිපතිවරයාටවත් ජනවරමක් නැහැ. මේ මැතිවරණ ප්‍රතිඵලයෙන් එක සනාථ වෙනවා. ඉන්පසු ආණ්ඩුව පවත්වාගෙන යෑමේ අර්බුදයක් එනවා. ඒ නිසා අලුත් ආණ්ඩුවක් ගොඩනගාගැනීමේ අවස්ථාවක් නිර්මාණය වෙනවා. ජාතික ජන බලවේගය මේ මැතිවරණයේදී පළාත්පාලන ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් ජයග්‍රහණය ලබලා මහ ආණ්ඩුව ගොඩ නැගීමත් ඒ බලය මගින් ජනාධිපතිවරයාගේ බලය සූන්‍ය කිරීම දක්වාත් මේ දේශපලාන සටන සැලසුම් කර තිබෙනවා.
මේ රටේ වංචාව දූෂණය නැති කිරීම වෙනුවෙන් ජනතාව පාරට බැස්සා. බිඳවැටී තිබෙන නීතියේ විධානයේ ආධිපත්‍ය යළි තහවුරු කරන්න කියලා ජනතාව පාරට බැස්සා. හොරුන්ට දූෂිතයින්ට මේ රටෙන් පැනල යන්න දෙන්න එපා කියලා සටන්පාඨයක් තිබුණා. ඒ වගේම දීර්ඝ කාලයක් ගෙනයන මේ ආර්ථික දේශපාලනික ක්‍රමවේදයට ජනතාවගේ විරෝධයක් තිබෙනවා. එය වෙනස් කළ යුතු බවට සටන්පාඨයක් තිබෙනවා. ඒ සියළු සටන්පාට ජනතාවගේ වුවමනාවන් නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරනවා අරගලයේ ජයග්‍රහණ තිබුණත් එහි අවසන් ප්‍රථිපලය උදාකරගන්න දැන් අවස්ථාව උදාවෙලා තිබෙන නිසා එම අවස්ථාව හරි විදියට යොදාගන්න කියලා. ගොවිජනතාවට, ධීවරයට, රාජ්‍ය සේවකයාට, වෘත්තීයවේදීන්ට, කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට, මාධ්‍යවේදීන්ට, මේ රට වෙනස් කළයුතුයි කියන සියලු දෙනාට අපි ආරාධනා කරනවා දැන් එය කරන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. රට වෙනස් කරන ජනතා මධ්‍යස්ථානය බවට ජාතික ජන බලවේගය පත්කරගන්න. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.