21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්යුරෝපා සංගමය සමග බ්‍රිතාන්‍ය නව වෙළෙඳ ගිවිසුමකට

යුරෝපා සංගමය සමග බ්‍රිතාන්‍ය නව වෙළෙඳ ගිවිසුමකට

යුරෝපා සංගමය සමග නව වෙ​ළෙඳ ගිවිසුමකට එළැඹීම සඳහා එක්සත් රාජධානිය සාකච්ඡා ආරම්භ කර ඇත. බ්‍රෙක්සිට් වැඩසටහන හරහා යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කිරීමෙන් අනතුරුව යුරෝපා සංගමය සමග බ්‍රිතාන්‍යය එළැඹෙන පළමු ගිවිසුම මෙය වීමට බොහෝ දුරටත් ඉඩ තිබේ.

මෙම නව ගිවිසුම යටතේ පවතින ධීවර කර්මාන්තයට සහ මසුන් අපනයනයට අදාළ කරුණු රැසක් පසුගිය සති අන්තයේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වී තිබේ. බ්‍රෙක්සිට් වැඩසටහනට අදාළ එක්සත් රාජධානියේ ප්‍රධාන සාකච්ඡාකරු වන ෆ්‍රොස්ට් සාමිවරයා සහ යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත මයිකල් බාර්නියර් අතර මෙම සාකච්ඡා පැවැත්වී තිබේ. මෙම සාකච්ඡා අවසන් වටයට පැමිණීමෙන් අනතුරුව අගමැති බොරිස් ජොන්සන් හා යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් අතර අවසන් සාකච්ඡා සිදුකෙරෙනු ඇත.

දැනට පවතින බ්‍රෙක්සිට් වැඩසටහනට අනුව මේ වසර අවසන් වන විට දෙපාර්ශ්වය අතර වෙළෙඳ ගිවිසුම් ඇති නොවුවහොත් එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය අරත ඉදිරියේදී හුවමාරු වන වෙළෙඳ භාණ්ඩ වෙනුවෙන් බදු හඳුන්වා දීමට සිදුවේ. තවත් දින 23කින් අනතුරුව (2020 දෙසැම්බර් 31දා) බ්‍රෙක්සිට් සංක්‍රාන්තිකාලය අවසන් වන අතර යුරෝපා සංගමය සමග නව වෙනස්කම් සහිතව වෙළෙඳාම් සිදු කිරීමට තමන් තවමත් සූදානම් නැති බව බ්‍රිතාන්‍ය වාණිජ මණ්ඩලය මේ වන විට අනතුරු අඟවා ඇත.

කෙසේ වෙතත් මෙම නව ධීවර ගිවිසුම පිළිබඳව පැවැති සාකච්ඡාවල සාර්ථක අසාර්ථකභාවය මෙතෙක් කිසිදු පාර්ශ්වයක් විසින් අනාවරණය කර නැත. මෙම ගිවිසුම හරහා බ්‍රිතාන්‍ය මුහුදු කලාපයේදී වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙළාගැනීමට යුරෝපා සංගමය උත්සාහ කරන බව එක්සත් රාජධානිය පාර්ශ්වයෙන් චෝදනා එල්ලවී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments