22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් නව අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙස යුද්ධ හමුදා මූලස්ථානයේ දී අඟහරුවාදා (ජනවාරි මස 09) දින ධූරයේ රාජකාරි භාරගත්තේය.

මීට ප්‍රථම එම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති වශයෙන් රාජකාරි සිදුකරනු ලබයි.

මේජර් ජෙනරල් කේ.ඒ.එන්. රසික කුමාර එන්ඩීසී පීඑස්සී ආගමික චාරිත්‍රවලට මුල් තැනක් දෙමින් නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගත්තේය. එහිදී එතුමන් සම්ප්‍රදායානුකූලව නිලධාරීන් සහ සෙසුනිලයන් අමතමින් සිය ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය.

තෙල්දෙණිය ප්‍රදේශයේ උපත ලද එතුමන් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වර්ෂ 1990 දී යුද්ධ හමුදාවට බැඳුණු එතුමන් වර්ෂ 1991 දී පාකිස්තාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්වන ලදී.

එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය තුළ ඛණ්ඩ භාර නිලධාරී පාඨමාලාව, නිලධාරී විශිෂ්ඨතා පාඨමාලාව, ඒකක බුද්ධි නිලධාරී පාඨමාලාව, ක්ෂේත්‍ර ඉංජිනේරු පාඨමාලා අදියර III, ඒකක ගිණුම් පාඨමාලාව, ඒකක පරිපාලන නිලධාරීන්ගේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ජාතික ආරක්‍ෂක විද්‍යාල පාඨමාලාව (ජාතික ආරක්‍ෂාව හා උපාය මාර්ගික අධ්‍යයන), තරුණ නිලධාරීන්ගේ පාඨමාලාව – ඉන්දියාව, සංග්‍රාමික ඉංජිනේරු උපදේශක පාඨමාලාව – ඉන්දියාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව – චීනය සහ බිම්බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ ඉංජිනේරු පාඨමාලාව – චීනය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

එතුමන් සිය හමුදා දිවිය තුළදී ඛණ්ඩ භාර නිලධාරී, බුද්ධි නිලධාරි, විධායක අධිකාරී, ඉංජිනේරු බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී III, අධි සහායක, නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරී III, ආරක්‍ෂක සේනා මූලස්ථානය – යාපනය මාණ්ඩලික නිලධාරී II, 511 පාබල බලසේනාවේ බලසේනා මේජර්, මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I යන තනතුරු හොබවා ඇත.

එසේම, එතුමන් යුද සේවා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි I, 5 සහ 6 ඉංජිනේරු බලකායන්හි අණදෙන නිලධාරී, ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I, ආරක්‍ෂක සේනා මූලස්ථානය – වන්නි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 22 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් පුහුණු, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා සහකාර, 213 පාබල බලසේනාවේ බලසේනාධිපති, මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

උත්සව අවස්ථාව සඳහා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments