28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්වෙනදා නැති උණුසුමක් දවල්ට සහ රාත්‍රියට මේ දවස්වල දක්නට ලැබෙනවාමේ උණුසුම් තත්වය...

වෙනදා නැති උණුසුමක් දවල්ට සහ රාත්‍රියට මේ දවස්වල දක්නට ලැබෙනවාමේ උණුසුම් තත්වය පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යයට තදින්ම බලපානවා-චින්තක චන්ද කුමාර අධ්‍යාපන මනෝවිද්‍යා අධ්‍යයන අංශය අංශාධිපති අධ්‍යාපන පීඨයේ කොළඹ විශ්ව විද්‍යාලය

කොළඹ වික්‍රමපාල

අධික උෂ්ණත්වයත් සමග ශරීරයට දැනෙන අපහසුවක් සමඟ ශරීරය සමබරතාවය නැතිව යනවා මේ සමග අපිට තරහ යෑම වැනි දේවල් දක්නට පුළුවන්සාමාන්‍ය ව්‍යවහාරයේ.ලේ රත්වීම ලෙස හඳුන්වන්නේ මෙය.මෙයට විසඳුම මේ තත්ත්වයන් ගැන අවධානයෙන් සිටිය යුතුයි මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා අප සිතිය යුතුයි එතකොට මේ ගැටළු නිරාකරණ.කරගන්න පුළුවන්
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පවා ඉහළ යන්නට පුළුවන් මෙවැනි පාරිසරික. තත්ත්වයන් තුළ..මෙය පරීක්ෂණ මගින් ඔප්පු කර තිබෙනවා

මෙවැනි පාර්ශනික තත්ත්වයන් තුළ වැඩ කරන පුද්ගලයන් ගැන ඊට ඉහළින් ඉන්න නිලධාරීන් සැලකිලිමත් විය යුතුයි තීරණ ගනිද්දී.
මොකද සේවකයන් සිටින්නේ ලොකු පීඩනයක එවිට ඉහළ නිලධාරීන් ලැබෙන ප්‍රතිචාරය වෙනස් වෙන්න පුළුවන්.
මෙම අවාසිදායක පරිසර තත්ත්වය ගැන සියලු දෙනාම අවධානයෙන් සිටිය යුතුයි.
පාසල්වල පවත්වන ක්‍රීඩා සම්බන්ධව එය පවත්වන වේලාවල් එහා මෙහා වෙනස් විය යුතුමයි.මෙම නිවාසාන්තර ක්‍රීඩා ඉදිරි දිනවලට සැලසුම් කරගත යුතුයි.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දී තිබෙන තීරණ නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද කියලා අපි සැලකිලිමත් විය යුතුයි.
මේ දිනවල වෙනදට වඩා උදෑසනින්ම සේවය ආරම්භ කර.ඒ සේවය මධ්‍යානවිට අත්හිටවලා හවස් වෙලාවේ යළිත් සේවයේ පිහිටුවීම වැනි ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

මෙම අධික රස්නය සමඟ රියදුරන්ගේ ආතති තත්ත්වය ඉහළ යන්න පුළුවන් ඔවුන්ගේ මානසික සමබරතාවය නැති වෙන්න පුළුවන්.
මෙය සමත්ත සමාජයේම කාර්යක්ෂමතාවයට සෘජුවම බලපානවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments