ඉදිරියේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයේදී ජෝ බයිඩින් වෙනුවෙනුවට කමලා හැරිස් ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය තීරණයක්.
මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ
තමාට පහසුවෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ කමලා හැරිස් ව පරාජය කළ හැකි බවයි.
ඩිමොක්‍රොටික් පක්ෂය නියෝජනය කරමින් අමෙරිකාවේ මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්විමට සූදානම්වී සිටියේ වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ය.
කෙසේ නමුත් 81 හැවිරිදි ජනාධිපතිවරයාගේ වයස්ගතභාවය සහ සෞඛ්‍ය මෙන්ම මතකය සම්බන්ධව විවිධ පාර්ශ්ව ප්‍රශ්නකිරීමත් සමඟ ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳව එම පක්ෂය තුළම ප්‍රබල විරෝධයක් ගොඩනැගුණි.
මෙම විරෝධය තීව්‍ර වූයේ පසුගිය ජුනි මාසයේදී පැවැති පළමු ජනාධිපතිවරණ විවාදයෙන් අනතුරුවය.
එහිදී රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවේ ජනාධිපති බයිඩන් පෙන්වූයේ දුර්වල වාග් විලාශයකි.
එමෙන්ම ඊට පෙරත් අවස්ථා රැසකදී ජනාධිපතිවරයා බිම ඇදවැටුණු අතර, විවිධ හැසිරීම් පෙන්නුම් කරමින් මෙන්ම වචන පටලවා ගනිමින් ලැජ්ජාවටද පත්වුණි.
කෙසේ නමුත් ජනාධිපති බයිඩන් තමාට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කළේ, තමන් මෙවර ජනාධිපතිවරණ සටනෙන් ඉවත් කළ හැක්කේ දෙවියන්ට පමණක් බව පවසමිනි.
එසේ වුවත් ඔහු අපේක්ෂකත්වයෙන් ඉවත්විය යුතු බවට හිටපු කතානායිකා නැන්සි පොලොසි පවා වරෙක පැවසුවේ එය ජනාධිපතිවරයා ගත යුතු තීරණයක් බවට ද සිහි කරමිනි.
මෙවන් පසුබිමක තමන් මෙවර අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත්වන බවට ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (21) නිවේදනය කළේය.
එම ලිඛිත නිවේදනයේ බයිඩන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තම පක්ෂයට සහ රටට ප්‍රමුඛත්වය ලබාදෙමින් මෙම තීරණය ගත් බවය.
එමෙන්ම තම ධුර කාලය නිමාවන තෙක් තමන් එම ධුරයේ රැඳී සිටින බවද එහි සඳහන්ව තිබුණි.
මේ අතර ඩිමොක්‍රොටික් පක්ෂයේ මීලඟ ජනාධිපතිවරණ අපේක්ෂත්වයට ඔහු නම් කර ඇත්තේ වත්මන් උප ජනාධිපති කමලා හැරිස්වය.
59 හැවිරිදි කමලා හැරිස් දැනටමත් තම අපේක්ෂකත්ව සටන අරඹා ඇති අතර ඇයගේ නම නිවේදනය කිරීමත් සමඟ එම පක්ෂයේ හිටපු නායකයින් වන බිල් සහ හිලරි ක්ලින්ටන් දෙපළ සහ බැරැක් ඔබාමා යුවළද ඇයට සහාය පළකර තිබුණි.
ඒ අනුව දැනටමත් ගෙවුණු දිනය තුළ පමණක් ඩිමොක්‍රොටික් පක්ෂයට ලැබී තිබූ අරමුදල්වල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 27කි.
කෙසේ නමුත් ලබන අගෝස්තු මස 19 වනදා සිට 22 වනදා දක්වා චිකාගෝ හිදී පැවැත්වීමට නියමිත ඩිමොක්‍රොටික් පක්ෂ ජාතික සම්මේලනයේදී ඇයගේ අපේක්ෂකත්වය තහවුරු වීම අනිවාර්ය වේ.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහසික වෙඩි ප්‍රහාරයකට ලක්වීමට සිදුවිය.