වසර තිස්පහකට අධික කාලයක් ප්‍රංශ සිනමාවේ සහ රූපවාහිනියේ රඟපාමින් එරට ජනප්‍රිය තරුවක්වූ ලක්ෂාන් අබේනායක ප්‍රධාන චරිතයකට ජීවය දෙමින් සිංහල සිනමාවට එක්වන ‘දුෂ්රා‘ සිනමා සිත්තම එළඹෙන අගෝස්තු (09) දින සිට එම්.පී.අයි. සිනමා මණ්ඬලයේ සිනමාශාලා ප්‍රධානව දිවයිනපුරා තිරගත වීමට නියමිතව තිබේ.
මෙහි කැමරා අධ්‍යක්ෂවරයකු ලෙස ලෙසින් ප්‍රකටව සිටින චන්න දේශප්‍රිය තිරරචනය ලියමින් ප්‍රේක්ෂකයා අතරට රැගෙන එන දෙවන සිනමා නිර්මාණයයි. සිය රුවැති සිරුර වෙළෙඳ මෙවලමක් කරගනිමින් ආර්ථිකය සවිමත් කර ගැනීමට වෙර දරණ‘රතී‘ නැමැති සොඳුරු යුවතියක් ඇයගේ පෙම්වතාවු රැකියා විරහිත අනිල් හා අන්සතු පුරවමියක් අපහරණය කර රඳවා තබා ගන්නා ලකී යන චරිත ත්‍රිත්වය ප්‍රධාන කර ගනිමින් තිරයේ දිග හැරීමට නියමිතව ඇති‘දුෂ්රා‘ වැඩිහිටියන්ට වඩාත් සුදුසු සිනමාපටයක් ලෙසින් ලේබල් ගත ඇත.
මෙහි චරිත නිරුපණයන් තිලක්ෂි රත්නායක,ලක්ෂාන් අබේනායක, සජිත ඇන්තනී,ශ්‍යාම් ප්‍රනාන්දු , ස්ටීව් ඩිලා සිල්වා, වසන්ති රන්වල,රුවන් මදනායක,ජයනාත් බෝදාහන්දී, නිදීශානි පේලිආරච්චි,සමන්ත පරණලියනගේ සහ රෝහිත් මන්නගේ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් ගෙනී. සහය අධ්‍යක්ෂණය දමින්ද ඩි.මඩවල, කැමරා අධ්‍යක්ෂණය ධම්මික රත්නායක,සංස්කරණය තිස්ස සුරේන්ද්‍ර, අංඟ රචනය සමරසිරි කඳනගේ, කලා අධ්‍යක්ෂණය ලකී විජේවර්ධන, සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකොඩි, ගීත රචනය අශෝක හඳගම, ගීත ගානයනයෙන් රෝහිත ජයලත් සමගින් නිපුණි සාරධා, සම නිෂ්පාදනයෙන් හසානි කිතලගම එක්ව සිටිති.
‘දුෂ්රා‘ මාර්ක් ටෙසියර් සමගින් ලක්ෂාන් අබේනායක නිෂ්පාදන කර ඇත.




ඇන්ටන් ජේ. ප්‍රනාන්දු