21.2 C
Sri Lanka
Wednesday, November 26, 2025
Homeකලා පුවත්ඉන්දියාවේ 31වන කල්කටා සිනමා උළලේදී අපේ ලලිත් රත්නායක හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවේ.

ඉන්දියාවේ 31වන කල්කටා සිනමා උළලේදී අපේ ලලිත් රත්නායක හොඳම චිත්‍රපට අධ්‍යක්ෂවේ.

ඉන්දියාවේ 31වන කල්කටා ජාත්‍යාන්තර චිත්‍රපට උළලේදී ලලිත් රත්නායකට හොඳම චිත්‍රපට අධ්‍යක්ෂ වෙත පිදෙන ගෝල්ඩන් රෝයල් ටයිගර් ගෝබල් සම්මාන දිනාගෙන තිබේ.

‘රිවස්ටන්‘චිත්‍රපටයේ රඟපෑම් හා කාර්මික යන ක්ෂේත්‍ර සඳහා තවත් ජාත්‍යාන්තර සම්මාන හිමිවීමට නියමිත බව අනාවරණයවේ.

මෙම සම්මාන ඔහු හිමි කරගෙන ඇත්තේ ඒ මහතා නිර්මාණය කළ ‘රිවස්ටන්‘ චිත්‍රපටය සඳහායි.
මේ සම්බන්ධයෙන් විශේෂ ඇගයීම් උත්සවයක් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේදී එහි සභාපති සිනමාවේදී සුදත් මහදිවුල්වැව මහතාගේ ප්‍රධානත්වයෙන් හා එම නිලධාරින්ගේ සහභාගිත්වෙයන් පැවැත්විණි.

මෙහිදි අදහස් දැක්වු සභාපති හා සිනමාවේදී සුදත් මහදිවුල් වැව මහතා ඉන්දියාව වැනි දැවැන්ත සිනමා කර්මාන්තයක් තිබෙන රටක පැවැත්වෙන සිනමා සම්මාන උළෙලකදී අපේ රටේ නිර්මාණ කරුවකු මෙවැනි විශිෂ්ට සම්මාන ලැබීම රට ලැබු සුවිශාල ජයග්‍රහණයක් බව පැවසීය. මෙහි ජූරිය ලෝකයේ රටවල් ගණනාවක් නියෝජනය කරමින් තිස්පස් දෙනකු පමණ සහභාගිවන ජුරියක් තිබෙන බව අනාවරණය කළේය.

එමෙන්ම ආනන්ද කුමාර උන්නැහේ වැනි ශිල්පීන්ගේ දක්ෂතා පිළිබඳ මෙහිදි සිනමාකරුවන්ගේ කතාබහට ලක්වූ බව සභාපතිවරයා සිහිපත් කළේය.

මෙහිදි ‘රිවස්ටන්‘ අධ්‍යක්ෂ ලලිත් රත්තානයක,සිනමාපටයේ රංඟනයෙන් දායකවු ආනන්ද කුමර උන්නැහේ, රන්දික ගුණතිලක හා ජාති චිත්‍රපට සංස්ථාවේ සාමන්‍යාධිකාරි රුවන් ප්‍රේමවිර යන මහත්වරුද අදහස් පළ කළහ.

මෙම චිත්‍රපටය ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පොරගේ නිෂ්පාදනය කර තිබේ.

සටහන හා ඡායාරූප- අනුර ප්‍රේමලාල්

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments