22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්රට නිවැරැදි දිශානිතියට ගමන් කරවීමට වත්මන් ජනපති සූදානම් නම් ඊට සහයෝගය දැක්වීීමට...

රට නිවැරැදි දිශානිතියට ගමන් කරවීමට වත්මන් ජනපති සූදානම් නම් ඊට සහයෝගය දැක්වීීමට අපි සූදානම්-ආචාර්ය සුපුන් ජයසිංහ

වත්මන් ජනාධිපතිවරයා අවංකව රට නිවැරැදි දිසාවට යොමු කරන්න කටයූූූූුතූ කරන්න උත්සහ කළොත් අපේ ජනබල පක්ෂය කොන්දේසී විරහිතව රටේ යහපත වෙනුවෙන් සහයෝගය ලබාදෙන අතර අපි වෘත්තිකයෝ ලෙසත් ඊට උපරිම ශක්තිය ලබාදෙන බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක ගුවන්යානා ඉංජිනේරු , ආචාර්ය සුපුන් ජයසිංහ මහතා පවසයි.

ඒ් මහතා මේ බව සඳහන් කළේ පෙරෙදා(09) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රැස්වීම් ශාාලාාවේ පැවැති අපේ ජනබල පක්ෂයේ රැස්වීමක් අමතමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් මහතා කියා සිටියේ තමා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගෙන ඉක්බිතිව බ්‍රිතාන්‍යයේ සිටි යුනිවර්සිටි ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ගුවන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳව සිය ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය සම්පූර්ණ කළේය. පසුව කැනඩාවේ ටොරොන්ටෝ මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයෙන් සිය ශාස්‍ත්‍රපති සහ ආචාර්ය උපාධි සම්පූර්ණ කරගත්තා ලෝකයේ විශාලතම ගුවන් යානා නිෂ්පාදන සමාගම් පහෙන් දෙකක් වන, කැනඩාවේ බොම්බාඩියර් ඒරොස්පේස් සහ රේතියෝන් ටෙක්නොලොජීස් යන සමාගම් ඇතුළු ලොකු කුඩා සමාගම් කිහිපයකම දශකයකට අධික කාලයක් මුළුල්ලේ ප්‍රධාන ගුවන් ඉංජිනේරු විශේෂඥ, ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ආදී වශයෙන් විවිධ තනතුරු දරමින් සිටින විට මගේ මාතෘභූමිය මුහුණ පා සිටින අසීරුම අවස්ථාවේදී ලක්බිමට පා තැබුවේ උපන් රටට සේවයක් කරන්නයි.එහිදි අපි සියලූ දෙනාම ශ්‍රීී ලාංකික ජාතිය වශයෙන් කිසිම බේදයක් නැතිව එකමුතු විය යුතුයි.

මේ භාරදූර කාර්ය ඉටුකිරීමට හෙළ අභිමන් ජාතික ව්‍යාපාරය නිර්මාණය කර අද එහි නායකයා වශයෙන් දැවැන්ත සමාජ ආකල්පමය පරිවර්තනයක් සිදුකිරීමට අපි සැදි පැහැදි සිටින අතර මෙවර මහා මැතිවරණයට අපේ ජනබල පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික් නායකයා ලෙස ඉදිරිපත්වි සිටිනවා. රට නිවැරැදි දිසාවකට යොමු කරගැනීමේ අපි දරන අප්‍රතිහත ධෛර්යට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටට ආදරය කරන ජනතාව අපිත් සමග අත්වැල් බැඳ ගත යුතුයි. වත්මන් ජනාධිපති හා පත්වෙන ආණ්ඩුව මෙම කාර්ය කිරීමට සූදානම් නම් අපි ඊට සහයෝගය ලබාදෙන බව අවධාරණය කරනවා.
.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments