ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත් වර්ගවලින් කුමන හෝ එන්නතක් ලබා ගෙන සෞඛ්‍යාරක්ෂාව සලසා ගන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස් ගුණරත්න සඳහන් කළාය.
එන්නත් ලබා ගත් පුද්ගලයින්ට වෛරසය ආසාදනය වූවද සියයට 90ට වැඩි ආරක්ෂාවක් ලබා දෙන බවද අසාද්‍ය තත්ත්වයට පත් නොවීමටද මෙය හේතුවක් බවද විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙයි.
කොරෝනා ආසාදිතයින් ආසාද්‍ය වී රෝහල්වලට පැමිණීම කොරෝනා මරණ අනුපාතය ඉහලයාමටද හේතුවක් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.නිවසේ සිටියදී කොරෝනා ආසාදනය වූ පුද්ගලයෙකු රෝහල වෙත රැගෙන යන තෙක් සිදු කළ යුතු සෞඛ්‍ය ක්‍රමවේද සම්බන්ධයෙන්ද අමාත්‍යාංශය සැලසුමක් සකස් කරමින් තිබෙනවා.