26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නාඳුනන කත නිසා කුලියාපිටියේ බස් නැවතුම ගිනි ගනී

නාඳුනන කත නිසා කුලියාපිටියේ බස් නැවතුම ගිනි ගනී

ගම්පහ සිට පැමිණි බව කියන අනන්‍යතාවය හෙළි කිරීමට අපොහොසත් කාන්තාවක හේතුවෙන් ඊයේ පෙරවරුවේ (08 වැනිදා) කුලියාපිටිය බස්නැවතුම පරිශ්‍රය දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ගම්පහ ඇඳිරිනීතිය පනවා තිබියදී මෙම කාන්තාව පැමිණි ආකාරය පිළිබඳව සැක සිතූ බසයේ මගීහු කඩිනමින් බසයෙන් බැස ඒ පිළිබඳ රියැදුරුට හා කොන්දොස්තරවරයාට පවසා තිබිණි.

එහිදී බසයට ගොඩවූ කාන්තාව විසින්ම තමන් ගම්පහ ප්‍රදේශයේ සිට පැමිණ පෙරේදා (07 වැනිදා) රාත්‍රිය ගිරිඋල්ල නගරයේ ගතකොට ඊයේ (08 වැනිදා) උදෑසන කුලියාපිටියට පැමිණි බවත් තමන් නාගොල්ලාගොඩ ප්‍රදේශයේ තම නැගණියගේ නිවසට යන බවත් පවසා තිබිණි.

කුලියාපිටිය බස් නැවතුම භාරකරු වහාම පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව එම කණ්ඩායම් වහාම පැමිණ අදාළ කාන්තාවගෙන් තොරතුරු විමසුවත් ඇය දැඩි ශ්‍රවණාබාධයකින් පෙළෙන බව තහවුරු විය.

සැක කටයුතු අන්දමින් සැරිසැරීම සම්බන්ධව හා අනන්‍යතාවය පිළිබිඹුවන කිසිදු ලේඛනයක් ඇය සතුව නොවීමත් හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා හා පොලිසිය මැදිහත්ව මෙම කාන්තාව රෝහල් ගත කිරීමට පියවර ගත්හ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments