22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාසෞඛ්‍ය සේවකයින් ඇතුළු ඉදිරිපෙළ කාර්යය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් ලබාදීමේ කටයුතු අද...

සෞඛ්‍ය සේවකයින් ඇතුළු ඉදිරිපෙළ කාර්යය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් ලබාදීමේ කටයුතු අද (01) දිනයේ ආරම්භවීමට නියමිතව තිබේ.

ජාතික රෝහල, රිජ්වේ ළමා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල දී එම  එන්නත ලබාදෙයි.

තුන්වන එන්නත් මාත්‍රාව ලෙස සියලුදෙනාටම ෆයිසර් කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

“ශ්‍රී ලාංකිකයන්ට බූස්ටර් ඩෝස් එකක් ලබාදීම අද දවසේ දී අපි ආරම්භ කරනවා. කොළඹ ජාතික රෝහල, රිජ්වේ ළමා රෝහල ඇතුළු කොළඹ ප්‍රධාන රෝහල්වල දී මෙම කටයුතුත් අපි ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ත තමයි ආරම්භයේදීම තුන්වෙනි මාත්‍රාව ලබාදීම සිදු කෙරෙන්නේ. ඒ සමගම තෝරාගත් අනෙකුත් ක්ෂේත්‍රවල සිටින වැඩිම අවදානම ඇති පිරිසටත් එන්නත්කරන තුන්වෙනි මාත්‍රාව ලබාදීම සිදුකෙරෙනවා. මේ සියලු දෙනාටම ෆයිසර් එන්නත තමයි තුන්වෙනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ.“

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments