22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්covid19 ශ්‍රී ලංකාකොවිඩ් තුන් වන මාත්‍රාව ලබා දීම සහ නව ප්‍රභේද හඳුනා ගැනීමේ පරීක්ෂණාගාර...

කොවිඩ් තුන් වන මාත්‍රාව ලබා දීම සහ නව ප්‍රභේද හඳුනා ගැනීමේ පරීක්ෂණාගාර පහසුකම් පුළුල් කිරීම.

පසුගිය අගෝස්තු මාසයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොවිඩ් සිව් වන රැල්ල පාලනය කර ගැනීම සඳහා පියවර හතරකින් යුත් සංක්‍ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කළේය.

ඒ වාර්තාව අනුව ඉකුත් අගෝස්තු මාසයේදී දැඩි සංචරණ සීමා පනවා ක්‍රමානුකූලව රට විවෘත කරමින් ඊට සමගාමීව රටේ ජනගහනයෙන් 70% ක් එන්නත්කරණය සිදු කිරීම, පාසල් දරුවන් ඇතුළුව 70% කට වඩා ජනතාවකට එන්නත් මාත්‍රා දෙකම ලබා දීම තුළින් මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම සහ රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම, බෝ වන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිටුවේ අනුමැතිය සහිත එන්නතක් තුන්වන එන්නත් මාත්‍රාව ලෙස, ප්‍රමුඛතාවයට අනුව නොවැම්බර් මාසයේ සිට ලබා දීමට කටයුතු කිරීම, විද්‍යානුකූල ක්‍රමවේදයන්ට යටත්ව අහඹු නියැදි පරීක්ෂණ කිරීම සහ නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා පරීක්ෂණාගාර පහසුකම් වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ඒ අනුව අද වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ඉදිරිපෙළ කොවිඩ් මර්දන සේවකයින් සඳහා තුන්වන මාත්‍රාව ලබා දීමට කටයුතු ආරම්භ කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපි ස්තූතිය පළකර සිටිමු.

පසුගිය මැයි මාසයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එන්නත් ලබා දීම සඳහා පෙන්වා දුන් ප්‍රමුඛතා ලැයිස්තුවට අනුකූලව සෞඛ්‍ය ඇතුළු සියළු ඉදිරිපෙළ කොවිඩ් මර්දන සේවකයින් හට තුන්වන මාත්‍රාව ලබා දුන් පසු පහත සඳහන් කාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දිය යුතු බව පෙන්වා දෙමු.

වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටි ජනතාව, වයස අවුරුදු 60 ට අඩු බෝ නොවන රෝග වලින් පෙළෙන ජනතාව, අත්‍යාවශ්‍ය සේවා වල සහ ආර්ථිකමය වැදගත්කමක් ඇති මධ්‍යස්ථාන සහ ආයතන වල සේවය කරන පිරිස් 

විද්‍යානුකූල ප්‍රමුඛතා අනුපිළිවෙලකට දැඩිව අනුගත වීම තුළින් කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය දේශපාලනීකරණය වීම වළක්වා ගත හැකි බවත්, වසංගතය සාර්ථකව පාලනය කල හැකි බවත් අපගේ මතයයි. ඒ හරහා ජනතා විශ්වාසය එන්නත්කරණ වැඩපිළිවෙලට ලබා ගැනීමට මෙන්ම, එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක වීමටද හේතුවනු ඇත.

මේ වන විට ලෝකය පුරා නැවතත් නව කොවිඩ් ප්‍රභේද පිලිබඳ දැඩි අවධානයක් යොමු වී ඇති මොහොතක නව ප්‍රභේද හඳුනා ගැනීම සඳහා ජාන පරීක්ෂණ සිදු කිරීමට පරීක්ෂණාගාර පහසුකම් වැඩි කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments