21.4 C
Sri Lanka
Sunday, May 11, 2025
HomeTOPබි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවයෙන් නික්ම යන සහ නව ආරක්ෂක උපදේශකවරුන් ගුවන්...

බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවයෙන් නික්ම යන සහ නව ආරක්ෂක උපදේශකවරුන් ගුවන් හමුදාධිපති හමුවෙති.

කොළඹ පිහිටි බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය නිම කර නික්ම යන ආරක්ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මන් මහතා (08) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමු විය. තවද ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව ආරක්ෂක උපදේශක ලෙස වැඩ භාර ගත් කර්නල් පෝල් ක්ලේටන් මහතාද කර්නල් අෂ්මන් සමගින් මෙම අවස්ථාවට සහභාගී වන වූහ.

මෙම හිටපු සහ අලූතින් පත්ව පැමිණි ආරක්ෂක උපදේශකවරු ගුවන් හමුදාධිපති සමග සුහද පිළිසඳරක නිරත වූ අතර එහිදී ගුවන් හමුදාපති තම සේවා කාලය තුළ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සමග පැවති මිත‍්‍රශීලී සබඳතාවයට කර්නල් අෂ්මන් මහතා වෙත සිය කෘතවේදීත්වය පළ කළ අතර ඒ මහතාගේ ඉදිරි කටයුතු සඳහා සිය සුභාශිංසන පිරිනැමුවේය.

ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ගුවන් හමුදාධිපති සහ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරු සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කළහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments