පොලිස් නිලඇදුමි හා අත්විලංගු
සන්තකයේ තබාගෙන සිටි
පුද්ගලයකු විශේෂ කාර්ය බලකා
නිලධාරීන් අත්අඩංගුවට ගෙන
තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන
නිලධාරී නියෝජ්‍ය පොලිස්පති
නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ
අධීක්ෂණය යටතේ විශේෂ
මෙහෙයුම් ඒකකය II හි
නිලධාරීන්ට ලැබුණු තොරතුරකට
අනුව වැඩ බලන ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක එෆ්.එම්. මධුර
ඇතුළු නිලධාරී කණ්ඩායමක්
(09) කොට්ටාව පොලිස් වසමේ
ලියනගොඩ ප්‍රදේශයේ දී සිදුකළ
වැටලීමක දී නීති විරෝධී ලෙස
පොලිස් නිල ඇදුම් කට්ටලයක්,
මාන්චු කූට්ටන් 02 ක්, යතුරු 01 ක්
පොලිස් නිලධාරීන් බාවිතා කරණ
අංක තහඩුවක් සන්තකයේ
තබාගෙන සිටි වයස අවු. 50 ක
පුද්ගලයකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා
කොට්ටාව පොලිස් ස්ථානය වෙත
භාර දී ඇත.
මේ අතර බුද්ධි කොට්ඨාශයේ
නිලධාරි කණ්ඩායමක් අයිස්
මත්ද්‍රව්‍ය සමග අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. සංවිධානාත්මක
අපරාධමර්දන ඒකකයේ 11හි
නිලධාරීන් පිරිසක් වැටලීමක්
සිදුකොට නීති විරෝදි විෂ
මත්ද්‍රව්‍යයක් වන ඇම්පෙටමින්
ක්‍රිස්ටල් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්
10යි මිලිග්‍රෑම් 900ක් සමග
සැකකරුවන් දෙදනකු අත්අඩංගුවට
ගෙනඇත. ගෝනහේන කඳවුරේ
නිලධාරි පිරිසක් අයිස් මත්ද්‍රව්‍ය ළඟ
තබාගෙන ප්‍රවාහනය කිරීමේ වරදට
අයකු අත්අඩංගුවට ගෙන තිබේ.
සංවිධානාත්මක අපරාධ මර්දන
ඒකකය 1හි නිලධාරි කණ්ඩායමක්
වැටලීමක් සිදුකර නීති විරෝධි
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත්
මුදල් රුපියල් 43270.00ක්,
කඩු එකක්, හා ඩයිසැටයිල්
මොෆීන් හෙවත් හෙරොයින් ග්‍රෑම්
එකයි මිලිග්‍රෑම් නවසිය දහයක් ළඟ
තබාගෙන සිටි වරදට අත්අඩංගුවට
ගෙන තිබේ. වැලිකඩ බන්ධනාගාර
කඳවුරේ නිලධාරීන් රැඳවියන්
සෝදිසි කිරීමක් දුම්කොළ කැබලි
කිහිපයක් ගුද මාර්ගයේ රහසිගව
සඟවාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන තිබේ. හොරණ කඳවුරේ
නිලධාරි පිරිසක් වැවලීමක් සිදුකර
නීති විරෝධි මත් පැන් ළඟ
තබාගෙන සිටි අයකු අත්අඩංගුවට
ගෙන ඇත. දෙනියාය කඳවුරේ
නිලධාරී කණ්ඩායමක් වැටලීමක්
සිදුකොට බලපත්‍ර නැතිව ටිපර්
රථයකින් පස් ප්‍රවාහනය කරමින්
සිටි අයකු අත්අඩංගුවට ගෙන
ඇත.කහවත්ත කඳවුරේ නිලධාරි
පිරිසක් වැටලීමක් සිදුකොට නීති
විරෝධි මිලි ලීටර් 11250ක්
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත. වාකරේ
කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීමක්
සිදුකොට නීති විරෝධි
මත්පැන්(කසිප්පු) මිලි ලීටර්
45000ක් හා පෙරීමේ උපකරණ
ළඟ තබාගෙන සිටි අයකු හා දේපළ
අත් අඩංගුවට ගෙන තිබේ. අම්පාර
කඳවුරේ නිලධාරි කණ්ඩායමක්
වැටවලීමක් සිදුකර කේරළ ගංජා
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන ඇත.
තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් වැටලීමක් සිදුකර
කැනබීස් සැටයීවා නොහොත්
කේරළ ගංජා මුදලට විකිණීම හා
ළඟ තබාගෙන සිටි අයකු
අත්අඩංගුවට ගෙන තිබේ.
අරන්තලාව කඳවුරේ නිලධාරි
පිරිසක් වැටලිමක් සිදුකර බලපත්‍ර
කොන්දේසී උල්ලංඝණය කරමින්
ලෝඩර් රථයකින් ට්‍රැක්ටර්
රථයකට වැලි පටවමින් සිටි
දෙදනකු එම ට්‍රැක්ටර් රථය හා
ලෝඩර් රථය අත්අඩංගුවට ගෙන
ඇත. පුත්තලම කඳවුරේ නිලධාරි
පිරිසක් වැටලිම් රාජකාරි සිදුකර
බලපත්‍ර නැතිව ටිපර් රථයකින්
බොරළු ප්‍රවාහනය කරමින් සිටි
අයකු එම රථයද අත්අඩංගුවට
ගෙන තිබේ. යාපනය කඳවුරේ
පිරිසක් නීති විරෝධිව තියුණු
මුවහත් සහති වානේ කඩු තුනක්
ඉඩමේ සඟවා තබා ගැනීමේ වරදට
සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම කඳවුරේ නිලධාරී තවත්
අත්අඩංගුවට ගැනීමේදි බලපත්‍ර
නැතිව නීති විරෝධි ලෙස වැලි
කැණීම් කර ටිපර් රථයකට වැලි
පටවමින් සිටි අයකු එම භාණ්ඩ
සමගද අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම හපුතලේ කඳවුරේ
නිලධාරි පිරිසක් එළ ගවයින්
ප්‍රවාහනය කරමින් සිටි තිදෙනකු
අත්අඩංගුවට ගෙන තිබේ. බුත්තල
කඳවුරේ ඇතුළු නිලධාරි පිරිසක්
වැටලීමක් සිදුකර 1/4ක පමණ
භූමි ප්‍රමාණයක නීති විරෝධි ලෙස
වගා කර තිබු අඩි දෙකක් පමණ
උස ගංජා ගස් හත්දහසක්
අත්අඩංගුවට ගෙන ඇත.
තලවාකැලේ කඳවුරේ නිලධාරි
කණ්ඩායමක් වැටලීමක් සිදුකර
තහනම් දුම්කොළ මිශ්‍ර මාවා ළඟ
තබා ගැනීමේ වරදට අයකු
අත්අඩංගුවට ගෙන ඇත. මහනුවර
කඳවුරේ නිලධාරි පිරිසක් වැටලීම්
දෙකක් සිදුකෙට හෙරොයින් ළඟ
තබාගෙන සිටි දෙදනකු
අත්අඩංගුවට ගෙන ඇත.