ජාතියේ ටෙලි මහාමංගල්‍ය ‘රයිගම් ටෙලීස්’ සම්මාන රාත්‍රීය (26) කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදි ‘2020-2021 රයිගම් ටෙලීස් දෙවරසක රස‘අති උත්කර්ෂවත් ලෙස දාහත්වෙනි වරටත් පැවැත්විණි.
මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස ප්‍රවීණ රංඟවේදීන් වන රවීන්ද්‍ර රන්දෙණිය මහතා සහ ශ්‍රියාණි අමරසේන මහත්මිය සහභාගිවූහ.
ඒ අනුව 2020 වසර සඳහා විශිෂ්ටතම නළුවා බිමල් ජයකොඩි(සුළඟ මහමෙරක) හා විශිෂ්ටතම නිළිය ලෙස උදාරි චාමිකා වර්ණකුලසූරිය(සංසාරණ්‍ය අසබඩ) සම්මාන දිනාගත්හ.
2021 වසර සඳහා විශිෂ්ටතම නළුවා ලෙස තුසිත් ලක්නාත්(සකර්ම) හා විශිෂ්ටතම නිළිය ලෙස චම්පා ශ්‍රියාණි(සකර්ම) සම්මාන ලැබූහ.
මෙහිදි කෙටි පණිවුඩ ඔස්සේ ලැබුණු ජනතා මනාපයෙන් ජනප්‍රියතම නළුවා ලෙස කුසල් මධුරංග හා ජනප්‍රියතම නිළිය ලෙස ශලනි තාරකා සම්මාන දිනාගත්හ. ජනප්‍රියතම ටෙලිනාට්‍ය ලෙස ‘පාරදිගේ‘ සම්මාන ලැබිණි.
2020 විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය සඳහා රොෂාන් රවීන්ද්‍ර (තණමල්විල කොල්ලෙක්) සම්මානය දිනාගත්තේය. 2021 විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් ප්‍රියන්ත ප්‍රනාන්දු (සකර්ම) සම්මානයේ පිදුම් ලැබුවේය.
විශිෂ්ටතම ටෙලිනට්‍ය ලෙස 2020 වසර සඳහා තණමල්විල කොල්ලෙක් හා 2021 වසර සඳහා සකර්ම ටෙලිනාට්‍ය සම්මානයට පාත්‍රවූහ.
සමීක්ෂණ ඇසුරින් වඩාත් ජනගත වැටසටහන ලෙස හිරු ස්ටාර් , ටෙලිනාට්‍ය නාඩගම් කාරයෝ, ප්‍රවෘත්ති ප්‍රකාශය ටිවි දෙරණ සම්මාන දිනූහ.









