රටවැසියන් හට දරාගත නොහැකි ආකාරයෙන් ජීවන වියදම ඉහළ යෑම තුළ දිනෙන්දින දිවයිනේ විවිධ ප්‍රදේශවල මතුවන විරෝධතා ප්‍රමාණය අධික වෙමින් පවතින බව අපගේ නිරික්ෂණයයි. එහිලා අදාළ විරොධතා වෙත ප්‍රචණ්ඩත්වය මුදාහැරිම සාධාරණීකරණය කිරීම සඳහා පොදු දේපොළ ගිනි තැබීම හෝ ඒවාට අලාභහානි සිදුකිරීම ශ්‍රී ලංකා පොලීසිය හෝ වෙනත් සංවිධානාත්මක පිරිස් යෙදවීම මඟින් ද සිදුවන බවට ද විවිධ පාර්ශව චෝදනා එල්ල කරමින් සිටී. එබැවින් එලෙස එල්ල වන චෝදනා හමුවේ තමන් නිරවද්‍ය බව ප්‍රකාශ කිරීමේ වගකීමද රජය සතුය.
පොලීසිය මෙවැනි විරෝධතා විසුරුවා හැරීම සඳහා තම අවම බලය යොදාගන්නා ආකාරය නිශ්චිතව මෙන්ම පරිපාටිගතව පැවතියද අදාළ විරෝධතා මැඩ පැවැත්වීමේදී ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාකොට ඇති ආකාරය පිළිබඳව ජනතාව තුළ ඇත්තේ බලවත් ප්‍රශ්නාර්ථයකි. පෙරදින රඹුක්කන සිදුවූ සිදුවීම හා සබැඳිව කරුණු නිරීක්ෂණයේදී ප්‍රදේශවාසීන් පවසන්නේ පිරිස විසිර යන අවස්ථාවේදී පවා විරෝධතාකරුවන් ඉලක්ක කොට වෙඩි ප්‍රහාර එල්ල කොට ඇති බවයි. ඒ අනුව පොලීසිය තම අවම බලය යොදාගෙන ඇත්තේ කවරාකාරයෙන් ද යන්න පිළිබඳව ඉහළපෙලේ පරීක්ෂණයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව මාර්තු 12 ව්‍යාපාරයේ අදහසයි.
අප රටක් ලෙස ඉතිහාසයේ අසීරුතම අවදියක් පසුකරන මෙවන් මොහොතක සිදුකල යුතු ආසන්නතම කාර්යය වන්නේ ආර්ථික පුනර්ජීවනයක් උදෙසා ජාත්‍යන්තර මිතුරන්ගේ සහය වඩවඩාත් ලබාගැනීමයි. එහෙත් ඊට ප්‍රතිපක්ෂව මෙලෙස කවර පාර්ශවයක් අතින් හෝ ප්‍රචණ්ඩත්වය හිස එසවීම මඟින් සිදුවියහැකි ආසන්නතම ප්‍රතිඵලය එතරම් සුභවාදී නොවන බව ද මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කරසිටී.
අත්සන් කළේ: මාර්තු 12 මෙහෙයුම් කමිටුව වෙනුවෙන්
රෝහණ හෙට්ටිආරච්චි, විමල් ප්‍රනාන්දු,නීතිඥ නදීශානි පෙරේරා, සමාදනී කිරිවන්දෙණිය, හේමන්ති ගුණසේකර,සමන් හමංගොඩ,නීතිඥ චාමින්ද සමන්ත රාජකරුණා, මංජුල ගජනායක, තිස්ස විජේතුංග, දයා හේරත්, නිශාන්ත ප්‍රීතිරාජ්, නීතිඥ ප්‍රබෝධ රත්නායක, උපේක්ෂි ප්‍රනාන්දු