21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අධ්‍යාපන පුවත්'අපේ මිස්'ගෙන් ළමා මානසික සෞඛ්‍ය ගැන කෙටි චිත්‍රපට මාලාවක්.

‘අපේ මිස්’ගෙන් ළමා මානසික සෞඛ්‍ය ගැන කෙටි චිත්‍රපට මාලාවක්.

අනාගත දරුපරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් ඒ් අයගේ පෝෂණය, මානසික සෞඛ්‍ය, ගැබිණි මව්වරුන්ගේ රැකවරණය වෙනුවන් සුවිශේෂි වැඩසටහනක් ‘අපේ මිස්’ හඳුන්වා දුන් බව එහි නිර්මාතෘ ශ්‍යාමලි පතිරගේ මහත්මිය පැවසුවාය.

ඒ් මහත්මිය මේ බව සඳහන් කළේ ඉකුත්(11) කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇය මෙසේද කීවාය.
දශක දෙකකට අධික කාලයක් මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ඇති “අපේ මිස්” කොවිඩ් වසංගතය ආරම්භයත් සමග තමයි සුවිශේෂිවූයේ කිසිවෙකුට නිවෙස්වලින් එළියට යා නොහැකි අවස්ථාවක ඔන්ලයින් සායනයක් හඳුන්වා දෙමින් ගැබිණි මවට අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. මාතෘ හා ළමා සෞඛ්‍යය ද කැටිව සියලු සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දැනුම, නිවැරැදි උපදෙස් සහ වෛද්‍ය විද්‍යාව තුළ යාවත්කාලීන තොරතුරු , වගකීමක් ඇතිව සපයමින් සහ සෞඛ්‍යය ගැටලු විසඳා ගැනීමට සහාය ලබාදුන්නා. මෙය ලොවවටාත් ඉතා ජනප්‍රිය වැඩසටහනක්වෙලා තිබෙනවා. අපේ අලුත්ම වැඩසටහන වන ළමා මානසික සෞඛ්‍ය පිළිබඳ කෙටි චිත්‍රපට මාලාවක් සකස් කිරීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා. එම ව්‍යාපෘතියට දායකවීමට කැමති අයට අපේ සෘජු අංක මගින් ලෝකයේ කොහේ සිටියත් දායක වෙන්න පුළුවන්. මේ සඳහා විශාල මුදල් ප්‍රතිපාදනයක් වැය වෙනවා.
2013 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධිත UNFPA ආයතනය මගින් ස්වේච්ඡා සමාජ නායකත්වය සේවා සම්මානයෙන් ද2021දී Humanitarian Excellence Award වලදි දෙස්විදෙවස් ඇගයිමට ‘අපේ මිස්’ ලක්වි තිබෙනවා.

Dip in Midwifery Ministry of Health – Sri Lanka
Adv. Dip.In.psy:counseling London Business School Sri Lanka
Dip. In Mother & Baby Spa Therapy, Orient Spa Academy – Jaipur, India
Adv. Dip.In.Spa Management & Operation – Orient Spa Academy – Jaipur, India
Dip in Yoga Teacher Training, International Sivananda yoga Vedanta Centre – Kerala, India
Dip. In.Pharmaceutical studies Aquinas University College
Dip in Hypnotherapy & Counselling
Lecturer & Media Representor Volunteer society leader national service award 2013 (UNFPA) පුහුණු සහතික අපේ මිස්ට හිමිවි ඇත.

දරුවන්ගේ මන්දපෝෂණය අවධානය යොමුකරමින් කටයුතු කිරීම හා ගැබිණි මව්වටරුන්ට අපිට හැකි සෑම උපකාරයක්ම කිරීමට පියවර ගනිමින් සිටින අතර ඒ් උපදේශන උපකාර ලබාගැනීමට 0776066777,0777070348 යන සෘජු අංකද අන්තර්ජාලයට ගොස් ‘අපේ මිස්’ මගින් ඇමතිය හැකියි.

Mother Care Baby Care සම්බන්ධයෙන් මම පොත් කිහිපයක්ම රචනාකර තිබෙනවා.එහිදි ‘වෛද්‍යවරයා’ සඟරාව වරෙක පවුල් සෞඛ්‍ය සේවාවේ ඉහල ජනප්‍රියත්වයක් ලැබුවා. අලුත් මවකට පියෙකුට අවශ්‍ය වෙන සියලු දැනුම කැටි කරගත් මාර්ගෝපදේශ කට්ටලය ලංකාවේත් පිටරටවලත් ශ්‍රී ලාංකේය මව්වරුන්ට ලබාදී තිබෙනවා. ගැබිනි කාලය,පසු ප්‍රසව කාලය,පවුල් සැලසුම හා සාපල්‍යතා උපදේශන,ළදරු – ළමා සංවර්ධනය
ළදරු – ළමා මානසික සංවර්ධනය [IQ],ළමා රෝග හා නිවාරණ,ආහාර හා පෝෂණය සමග බබාට කෑම,මානසික සෞඛ්‍යය,යොවුන් සෞඛ්‍යය,කාන්තා සෞඛ්‍යය,ප්‍රජනක සෞඛ්‍යය, වැඩිහිටි සෞඛ්‍යය,බෝවන හා බෝ නොවන රෝග,කාලීන රෝග, සෞඛ්‍ය ගැටලු

මෙම වැඩසටහනේ අධ්‍යක්ෂවරයෙක්වු ලක්රුවන් විතාන මහතා අදහස් දක්වමින් ළමා මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් මා විසින් කෙටි චිත්‍රපට පෙළක් හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා. එය භාෂා කිහිපයකින් නිර්මාණය වෙන්න පුළුවන් විදෙස් රටවල මෙය ඉතා ජනප්‍රියයි. මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ජාත්‍යන්තරයේ සිටින දරුවන්ට ආදරය කරන අයට මම ආරාධනා කරනවා අපේ සෘජු අංක ඔස්සේ අපිව සම්බන්ධ කර‌ගෙන මිට දායක වෙන්න කියලා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments