22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeක්‍රීඩා පුවත්ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත එක්දින තරගාවලි ජයක්..

ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත එක්දින තරගාවලි ජයක්..

ශ්‍රී ලංකාව වසර 30කට පසු ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව එක්දින තරගාවලි⁣යක් මෙරටදී ජය ගැනීමට සමත් විය.

ඒ (21) පැවති සිව්වන එක්දින තරගය ලකුණු 4කින් ජය ගැනීමත් සමගිනි.

මීට පෙර ශ්‍රී ලංකාව මෙරටදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන තිබෙන්නේ 1992 වසරේදී ය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු 258ක් ලබා ගත්තේ ය.

චරිත් අසලංක ලකුණු 110ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 254ක් පමණි.

ඩේවිඩ් වෝර්නර් ලකුණු 99ක⁣ට දැවී ගියේ ය.

ඒ අනුව තරග 5කින් සමන්විත එක් තරගාවලිය තරග 3-1ක් ලෙස ජයගෙන ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

දෙරට අතර මීළඟ තරගය ලබන 24වැනිදා පැවැත්වීමට නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments