එක්සත් ජනපදයේ කාලයක සිට ජීවත්වන විකුම්ප්‍රිය පෙරේරා වෘත්තීයෙන් ගණිත විෂය පිළිබඳ ආචාර්යවරයෙකී. එමෙන්ම ඒ් මහතා ප්‍රවීණ ගීපද රචකයකු හා කිවියෙකුද වේ. හෙළ ගී කෙතට විකුම් පෙරේරා දායදය කර තිබෙන ගීපද ප්‍රමාණය හාරසීයකට ආසන්න ප්‍රමාණයකී. ‘මව්බිමේ සුවඳ’, ඔහු ලියා විවිධ ශිල්පීන්ගේ හඬින් පටිගතවු ගීත සීයයකට අධික ප්‍රමාණයකී.
මීට ප්‍රථම ‘මැකුණු සටහන්’ (2001) නමින් කවි එකතුවක්ද , ‘පා සටහන්’ (2013 නමින් ගේය පද රචනා එකතුවක්ද නිකුත් කර ඇත. ‘විදුලි එළියක්’, ‘මල්රේණුවක්’, ‘පාසටහන්’, ‘වැලිකැටයක්’,’උකුසුඇස්’, ‘නිවාඩුකාලේ’,’සිත්තරුවාණෙනි’, ‘ඉදිකළා පෙම් මැදුරක්’,’ඉතිරි ගියාද ආදරේ’, හා ‘මව්බිමේ සුවඳ’ සංගත තැටි පෙළක්ද එළි දක්වා ඇත.
මෙම කෘතිය සීදුව රසාංජලී ප්‍රකාශකයන්ගේ මුද්‍රණයක් ලෙසින් එළි දක්වා තිබේ.