29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ අයිස් ලබාදීමේ ඒකාධිකාරිය නවත්වන්න මාළු වෙළෙන්ඳන්ගෙන් දැඩි ඉල්ලීමක්.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ අයිස් ලබාදීමේ ඒකාධිකාරිය නවත්වන්න මාළු වෙළෙන්ඳන්ගෙන් දැඩි ඉල්ලීමක්.

පෑලියගොඩ මාළු වෙළෙන්දන්ට අයිස් ලබාදීමේ දැනට තිබෙන ඒකාධිකාරිය අහෝසි කොට පෙර ක්‍රමයට වෙළෙන්දන් කැමැති ස්ථානවලින් අයිස් මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ වෙළෙන්දන් ඉල්ලා සිටිති.

එම වෙළෙන්දන් කියා සිටින්නේ ඔවුන් පාරම්පරික කොළඹ මාළු වෙළඳසැලේ සිට මාළු අලෙවියේ ව්‍යාපාරිකයන්ය.
කොළඹ සිට පෑලියගොඩට මාළු වෙළඳ සංකීර්ණය වසර කිහිපයකට පෙර ගෙන එන විට ද අප මාළු ව්‍යාපාරික කටයුතු සඳහා පෑලියගොඩට පැමිණයහ.මෙම මාළු ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා අපට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන්නේ අයිස්ය.මාළුවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීම සඳහා අයිස් අත්‍යවශ්‍ය වේ.අපගේ ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය අයිස් අපට පිටතින් අඩු මුදලට ව්‍යාපාරික සංකීර්ණ තුළට ගෙන ඒමට අවස්ථාවක් හිමිවී තිබිණි.

එසේම ධීවර සංස්ථාව පිහිටුවා ඇත්තේ හුදු මහජනතාවගේ සේවය සඳහා අඩු මුදලට මාළු සැපයීම සඳහාය.
නමුත් ධිවර අමාත්‍යාංශය බලධාරීන්ගේ අත්තනෝමතික සහ ඔවුන්ට වාසි සහගත තත්ත්වයක් ඇතිවන ආකාරයට අයිස් ධනපති සමාගම් වලට බලය පවරා තිබීම හේතුවෙන් අප වැනි කුඩා මාළු ව්‍යාපාරිකයන්ගේ කටයුතු කරගෙන යෑමට බැරි තත්ත්වයක් උදා වී තිබෙනවා. පිටතින් රුපියල් දෙසීයකට වැනි මුදලකට අයිස් රැගෙන ඒමට හැකිවුවත් බලධාරීන් බලය පවරා ඇති අය රුපියල් 300ක් වැනි මුදලට අපගේ ලෑලි සඳහා අයිස් සැපයීම සිදුකරයි. දිනකට බෑග් පහළොවක් මිලදී ගත්තොත් ඒ වෙනුවෙන් රුපියල් 3000ට වැඩි අධික මුදලක් වැ වැය කිරීමට සිදුවේ.මසකට රු.90,000 වැනි මුදල වේ.

මෙවැනි ව්‍යාපාරිකයන් මාළු වෙළද සංකීර්ණයේ කොතෙක් සිටියද?එසේම එක් සමාගමට පමණක් අයිස් සැපයීමේ බලය පවරා ඇති නිසා අධිකව මාළු පැවති අවස්ථාවේදී ඔවුන්ට ප්‍රමාදයකින් තොරව අයිස් සැපයීම කරගෙන යා නොහැක.එවිට අපගේ මාළු වල ගුණාත්මක භාවය නැති වේ.
ඇතුළට එක් සමාගමකට පමණක් ඒකාධිකාරී ලෙස අයිස් අලෙවි කිරීමට ඉඩ දීම නිසා, අපට අවශ්‍ය අයිස් ඔවුන්ගේන් මිලට ගැනීමට ඔවුන්ගේ ඒකාධිකාරී බලය යටතේ මිලට ගැනීමටසිදුවී ඇත.

පෙර තිබූ ලෙස සමාගම් කිහිපයක් වෙළද සංකීර්ණයේ වෙළෙඳාම් කිරීමට අවස්ථාව සලසා දීම තුළින් තරගකාරීත්වයක් ඇති වී.ව්‍යාපාරික අපට මහත් සේවාවක් ලැබෙනවා.
ධනපති එක් සමාගමකට පමණක් අයිස් අලෙවි කිරීමට දීමතුලින් කුඩා ව්‍යාපාරිකයන් වන අපහට මහත් අසාධාරණයක් සිදු වී ඇත.
අප බැගැපත්ව ඉල්ලා සිටින්නේ කලින් පැවති ක්‍රමයට තරඟකාරී අන්දමින් අප හට ඕනෑම තැනකින් අයිස් මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසත්, එමගින් මාළු වල මිල ගණන් අඩුවෙන් පාරිභෝගික ජනතාව අලෙවි කිරීමට අවස්ථාව ලැබෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments